මේ මගේ අවසන් සුසුමයි......!!


























දහසක් හිරු රැස් මිලිනව
සැඳැ ගොම්මන ලොව වසා ගත්
මේ අරුම යාමයේ....
සිසිලස් පහස දෙපා දැවටෙන
මහ දිය තලය මත රැඳුණු
අකාරුණික වූ සිසිලස
සිත් පුරාවට ගෙන එන්නේ
ඔබේ ආදරයයි......
ලොවම හැර දමා
ආදරය නම් මිරිගුවක් පසුපස
කඳුළු පිරි නෙතින් දිව ගිය
ඔබේ රුව මට සිහිවේ
ඔබ නැති බැව් දනිමි
ඔබ නො එන බැව් දනිමි
එනමුදු
අපමන වූ සෙනෙහසක්
ආදරබර හදවතක්
මේ විල්තෙර මත්තෙහි සැඟවෙනා තෙක්
බලා හිඳි පාපය
මා හැර යයි දැයි නොදනිමි !!!!!
නිශාව මා වෙලා ගන්නට පෙරාතුව
මම ඔබ ලඟට එන්නෙමි
එවිට ඔබ මට සමා වනු ඇතැයි සිතමි
මේ මගේ අවසන් සුසුමයි.........................

Comments

Popular Posts