ආදරණීය තාත්තේ


ආදරණීය තාත්තේ,

මම ලොවෙන් දුරස් වී සිටිමි
ලොව සිතනුයේ මා උමතු යැයි කියාය
එනමුදු මට මගේම ලොවක් තිබේ
එලොව ආදරයද රැකවරණයද 
සයුරේ කරදිය මෙන් අපමණය
සැවොම පියෙකු ලබද්දී
මා මිතුරෙකු ලැබුවේ එලොවදීය
සැවොම අවවාද ලබද්දී 
මා හසරැල්ල ලැබුවේ එලොවදීය
වරදට දඩුවම වූ නියමය
මා හට අවලංගු වූයේද එලොවදීය
එවන් ලොවක උණුසුම ලබන්නට
නොහැකි වූ දහසක් සිත් හඬා වැටෙද්දී
මට හසරැල්ලම උරුම විය
ඉතින්,
මට මගේම ලෝකය වූ
ආදරණීය තාත්තේ
ඔබට ජීවිතයේ හැම තත්පරයක්ම
මේ අව්‍යාජ හසරැල්ලම උරුම වේවා .....! 

Comments

Popular Posts