කඳුළු නංවනු පිණිස නොවේ
මේ එතැනය............
ආදරණීය හදවතක
සෙනෙහස්බර උණුසුම
ඔබ හා එක්ව විඳින්නට
මම මගේ හදවතට
දිවුරුම් දුන් තැනය....
මා ඔබට මේ පපුතුරේ ගැඹුරුම පත්ලෙන්
ගෙවූ හැම මොහොතකම
සිත් පුරා ආදරය කලෙමි
එබැවින් මා දිනුම්ය
එනමුදු
මා ජීවිත සටනේ පරාජය
මීලඟ හෝරාවේ ලබනා බැව් දනිමි
මේ හදවත මොහොතින් මොහොත
මරණය කරා ඇදෙනා වග දනිමි
මාගේ වියෝව ඔබ නෙතු මත
කඳුළු නංවනු පිණිස නොවේ
එබැවින් මා මෙසේ කියමි
මම ඔබට වෛර කරමි.................!!!!!



Comments
Post a Comment