පිරිපුන් සඳවත

























නිලඹර දිදුලන
පිරිපුන් සඳවත
සිසිල් පවන් මං විහිදවනා

ඇයගේ සිහිලෙන්
රන්වන් තරුකැට
ගගන පුරාවට වී දිලුනා

එලැඹි අමාවක
සඳවත නිදනා
නිශා ගැබේ සැඟවී හිඳිනා

තරු මල් යහනද
කඳුළු සලාගෙන
වියැකී හිඳිනා බැව් පෙනුනා

තරු කැට දහසක් දිදුලනා වුවද සඳ කොමළිය සැඟව ගිය නිමේෂයක ඔවුනට හිමි වන්නේ අඳුරු නිශා ගැබ නිදි වදින්නටය. සඳවත සරසන්නට තරු අවැසි බැව් සැබෑය. නමුදු සඳවතට දිදුලන්නට තරු මල් අවැසි නැත..........

මේ ඔබට..... පබෝධා නර්මධානි .........

Comments

Popular Posts