වෙලී හිඳින්නට කඳුළු දරා ...


දිරි නැත මා හට
යළි නැගිටින්නට
මියැදෙන්නම් මම
ලොවට හොරා

එනමුදු ඔබ ගැන
මතකය තව ඇත
කෙලෙස මියෙන්නද
අතැර දමා

ආදරබර වූ
ඔබගේ උනුහුම
යලිත් විඳින්නට
සිනහ දරා

පියඹා එනු මැන
ගොම්මන් අඳුරේ
වෙලී හිඳින්නට
කඳුළු දරා .........

Comments