සමාවෙන්න නංගියේ























අහිංසක ඔබ
නිල්වන් නෙතු අග
කඳුලක් රැඳ වූවාට

සමාවනු මැන නැගණියේ

එනමුදු කවදාකවත්
නොහැකි වනු ඇත මට
අමතක කරලන්නට

ඔබේ සුසුමෙහි උණුහුමද
ඔබේ අනුරාගය රැඳි දෙතොලද
ඔබේ ආදරයේ ස්පන්ධනයද

ඔබේ රණ හසුන් මත
ගෙවුනු ඒ නිමේෂය
රාගයේ නොව අහිංසක ආදරයක
අවදි නොකළ යුතු මතකයක් ලෙස
සදාකල් ජීවත් වනු ඇත

Comments

Popular Posts