සැඟවෙන්නම් සිතැඟි දරා
නුඹේ සිනා මල් අසබඩ
බලා ඉඳින්නම් සදහට
ආදර මල් විකසිත වී
මගෙ දෝතට ලැබෙන තුරා
පැහැබර වූ නිල් ගගනත
නුඹේ සුසුම් පවන් වැදී
කඳුළු සලන්නම් ඉඳ හිට
ඔබ සෙනෙහස පෙරුම් පුරා
සයුරෙ නැගෙන සුදු පෙණ කැට
දෝතින් අල්ලාගෙන මම
සුවය විඳින්නම් සිසිලස
ඔබේ නමින් කඳුළු සලා
හුදෙකලාව රජයන සිත
සනසාලිය නුහුණු විටෙක
ගලා හැලුණු කඳුළු ගඟක
සැඟවෙන්නම් සිතැඟි දරා



Comments
Post a Comment