පෙමත් විසි කරන්
පුරා සත්වසක් පෙම් බැඳ
වරා නිදි පොදිය ගුලි බැඳ
ඔබේ සිනා බිඳක් යලිත්
දකින්නට සිතන්
දුරින් දුර කතර මග හැර
දෙපා රිදෙන විට හති හැර
සයුර පුරා නැගෙන රැලිත්
ඉවසලා දරන්
ඔබේ වත කමල සිබිනට
තුරුළු වී යලිත් හිඳිනට
පෙරුම් පුරන මගේ සිතත්
මිටක ගුලි කරන්
ඔබේ බිළිඳු පුංචි පුතා
දෙනෙත් හරින්නට පලමුව
ඈත ඈත දිවයන්නම්
පෙමත් විසි කරන්
දෙපා රිදෙන විට හති හැර
සයුර පුරා නැගෙන රැලිත්
ඉවසලා දරන්
ඔබේ වත කමල සිබිනට
තුරුළු වී යලිත් හිඳිනට
පෙරුම් පුරන මගේ සිතත්
මිටක ගුලි කරන්
ඔබේ බිළිඳු පුංචි පුතා
දෙනෙත් හරින්නට පලමුව
ඈත ඈත දිවයන්නම්
පෙමත් විසි කරන්



Comments
Post a Comment