ආදරය යනු






ආදරය යනු පරිත්‍යාගයකැයි කියනු ලැබේ…
  • ආදරය යනු මතු පිටින් නොව හදේ ගැඹුරුම තැනින් අතු වී ලේ මස් නහර ඇට මිදුලු වල ලෙයින් කකියන වෙදනාවයි
  • ආදරේ කියන්නෙ සිතට ඇතිවන හැගීමක් විතරයි.
  • ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි
  • ආදරය යනු අහිමි දෙයක් ලබා ගැනිම
  • ආදරය යනු ආත්මාර්තකාමි හැගිමක්
  • ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම
  • ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ
  • ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි
  • අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි,
  • ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක්
  • ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි.
  • ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි.
  • ආදරය යනු කියවා නිම කළ නොහැකි ලස්සන පොතකි
  • දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්‍යාපාරයකි
  • ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ
  • ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්
  • ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයක්
  • ලිංගික ආකර්ෂණයට අපි පාවිච්චි කරන නම තමයි ආදරය කියන එක.. ආදරය ලිංගික ආකර්ශනයක්ම විතරයි...
  • සසල සිත මුකුළු කරවන ආදරය යනු මෘදු මද පවනකි
  • ආදරය කියන්නේ ලැබෙනකන් බලා ඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
  • ආදරය වූ කලී මමත්වය මුළුමනින් ම නැති තැන ඇති වන අවබෝධයකි. - එනම්, මගේ ආත්මය, මගේ දියුණුවට ඇති ආසාව, මගේ තණ්හාව යනාදි වශයෙන් පවතින මමත්වයෙහි සම්පූර්ණ බැහැරවීම ය.
  • ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි.

Comments

Popular Posts