යථාර්තය ඔබ නම්


ඔබ මගේ දැයි නොදනිමි

ඔබ සුසුම් මනින්නට මට උරුමදැයි නොදනිමි 

එනමුදු එකම එක සිතිවිල්ලක් දරමි

ඇකයේ උණුහුම ද ලමැදේ අන්දරයද

නොදැනෙන නොහැගෙන අද දවසේ පවා

ඔබේ සිත් පිරුණු ආදරය

මගේ හද ගැස්මට හඬනවා ඇත

ලොවක් පසෙක ලා වුවද

මගේ කඳුල අබිමුව

ඔබ මා මුව මත්තකයේ රැඳෙනවා ඇත


සිහි එලැබි උත්තමාවියණි

මම ඔබට ආදරය කරමි

ලොව පවත්නා ලෝක දහමද දෙවැනි කොට

මම ඔබට ආදරය කරමි


ඒ ආදරය සිහියෙන් නොකරන්නට

මා ලද එකම අවහිරය

මා අසිහියෙන් ඔබ උණුහුම 

වා තල මත්තට මුසු වන්නට හැරුමය..........













Comments

Popular Posts