විරහව රහකි
සයුරට වෙරළ සේ පෙම් බැඳ ගෙන ඉන්නා
එනමුදු සයුරු රළ මෙන් යලි සමු ගන්නා
රළ පෙල සේම ලුණු කඳුලක රහ දන්නා
විරහව රහකි හදවත් පාරා ඉන්නා
සිත් සිත් දෙකක් රිදවා නැති දයාවෙනී
නෙත් නෙත් දෙකක් පුරවා ඇති විරාගිනී
සුසුමක පහස උණුහුම උන් හට නොවිනී
එනමුදු සෙනෙහෙ හිත් වල පිරිලා තිබිනී
අද හෙට නොවන මුදු යම් කිසියම් දාක
ඔය අත් අල්ලාන සිප ගමි නැත සෝක
එනමුදු සිතේ ඇත බිඳ බිඳ සෝ මතක
සිප ගනු විනා රිදවනු සෙනෙහේ සිතක



Comments
Post a Comment