ගෝඨයිම්බර



මේ තමා ජීවිතේ කියල හිතාන
ගිය ගමනක්

මහ එකාල කොයි එකත් එකයි කියල
වටේ එවුන් කියද්දි
උන්ට නක්කලේට හිනා වුනාට
මදි යකෝ මෙහෙම වෙලා
තවත් කෙල වෙන්න ඕනෙ
නැගිටගන්න බැරි වෙන්නම

ඉන්න තැනට සලකන්න
කම්කරු වැඩෙයි සිකුරුටි වැඩෙයි දෙකම කලාට
කවුද දැනන් හිටියෙ
උඩ ඉන්න එකාට පහල ඉන්න එකා ඕන
උඩට යන්න කකුල තියා ගන්නකන් විතරයි කියල

ලක්ස ගනන් පඩි පැකට් ගන්න එවුන් වට වෙලා
වරු ගානක් නාස්ති කරන්නේ
පොඩි එකාගෙ සොච්චම් පඩියට
කෙලින විදිය කියහන්කො

අපරාදේ !!
පොඩ්ඩක් වට පිට බැලුවනම්
එහෙනම් තෙරුම් ගන්න තිබ්බා
ඔය වට මේස වටේ කුටු කුටු ගාද්දි
ඒ අස්සෙත් ගොරවන එකා
දවසේ ඉතිරි හරියත් කරවන්නේ ඒකමයි කියලා

එහෙමයි කියල
උන්ව හලන්න බැරුව ඇති මයෙ හිතේ
සේනාව අඩු වෙනව නෙව

අපි ගන්න පඩියට
අඩු ගානෙ දවාලට ඇහැරිලා හිටියා මහත්තයෝ
රෑ නිදි වැරුවා
කවුරු මොනව කිව්වත්
අපි ණය නෑ..... ඔහෙලටවත්
කන්න අඳින්න දුන්නු තැනටවත්

අවවාද උපදෙස් දෙන්න
චතුරංගනී සේනාව පිටත් කලාට
කමක් නෑ දෙයියෝ
ගෝඨයිම්බරව ගේ පිලේ තියාගන්ට
මොකද යුද්ධෙට ගියත්
ගෝඨයිම්බරය
දොයියන එක දොයියනවමයි !

Comments

Popular Posts